Facebook
මුල් පිටුව අප අමතන්න
මුද්දර ගාස්තු

මුල් පිටුව :: බදුවර්ග හා ගාස්තු :: මුද්දර ගාස්තු

මුද්දර ගාස්තු

හැදින්වීම අය කරනු ලබන්නේ බලපැවැත්වෙන්නේ මුද්දර ගාස්තු අනුපාත ගැසට් වටිනාකම (නිශ්චල දේපල) ගෙවීම ආදායම
stampdutyහැදින්වීම
1990 අංක 07 දරණ දකුණු පළාතේ මුදල් ප්‍රඥප්තියේ 37 වන වගන්තිය යටතේ මුද්දර ගාස්තු අය කරනු ලබයි.
stampdutycharge අය කරනු ලබන්නේ
* දකුණු පළාතේ පිහිටි නිශ්චල දේපල පැවරීමකට අදාල සෑම සාධන පත්‍රයක් සදාහාම.
* ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුළ නීතියෙන් පිහිටුවන ලද යම් අධිකරණයක පවරනු ලබන නඩු කටයුතුවල දී ඉදිරිපත් කරනු ලබන හෝ ගොනු ගතකරනු ලබන සෑම ලේඛණයක් සදාහාම.
stampdutyeffect බලපැවැත්වෙන්නේ
1991 ජනවාරි 01 දින සිට
stampdutycal මුද්දර ගාස්තු අනුපාත
01 නිශ්චල දේපලක් තෑඟිදීමේදී* රු.
අ. වටිනාකම රු. 50,000 හෝ ඊට අඩු සෑම රු.100ක් හෝ ඉන් කොටසක් සදහා 3.00
ආ. වටිනාකම රු. 50,000ට වැඩි නම් පළමු රු. 50,000 1,500.00
ඉතිරියෙන්, සෑම රු. 100ක් හෝ ඉන් කොටසක් සදහා 2.00

02 නිශ්චල දේපලක් පැවරීමේදී (හුවමාරුවක් හෝ තෑඟිදීමක් හැර)* රු.
අ. වටිනාකම රු. 100,000 හෝ ඊට අඩු සෑම රු.100ක් හෝ ඉන් කොටසක් සදහා 3.00
ආ. වටිනාකම රු. 100,000ට වැඩි නම් පළමු රු. 100,000 3,000.00
ඉතිරියෙන්, සෑම රු. 100ක් හෝ ඉන් කොටසක් සදහා 4.00

03 යම් දේපලක් හුවමාරු කිරීම - සම උරුමකරුවන් නොවන*
අ. සම වටිනාකමින් යුතු විට එම දේපල, එහි වෙළඳ අගය මත පැවරීමකදී ගෙවිය යුතු මුද්දර ගාස්තුව
ආ. සම නොවන වටිනාකමින් යුතු විට ඉන් වැඩි වටිනාකමින් යුතු දේපල එහි වෙළඳ අගය මත පැවරීමකදී ගෙවිය යුතු මුද්දර ගාස්තුව

04 යම් දේපලක් හුවමාරු කිරීම - සම උරුමකරුවන් අතර* රු.
අ. සම වටිනාකමින් යුතු විට 10.00
ආ. සම නොවන වටිනාකමින් යුතු විට එක් එක් කොටසේ වෙළඳ වටිනාකම්වල වෙනසට සමාන වටිනාකමින් යුතු දේපලක් පැවරීමකදී ගෙවිය යුතු මුද්දර ගාස්තුව

05 නඩු කටයුතු වලදී ඉදිරිපත් කරන හෝ ගොනු කරනු ලබන ලියවිලි* රු.
අ. මහ අධිකරණය සෑම රු.1,000ක් හෝ ඉන් කොටසක් සදහා(රු.2,000 උපරිමයකට යටත්ව) 2.00
ආ. දිසා අධිකරණය සෑම රු.1,000ක් හෝ ඉන් කොටසක් සදහා(රු.1,000 උපරිමයකට යටත්ව) 1.00

06 වෙනත් රු.
අ. මියගිය තැනැත්තකුගේ බුදලයට අයත් යම් කිසි නිශ්චල දේපලක් ඒම දේපලේ අර්ථලාභි හිමිකරුවකු වෙත හෝ මියගිය තැනැත්තාගේ අන්තිම කැමති පත්‍රයේ ප්‍රකාර භාරකරුවකුට හෝ බූදලයේ පොල්ම:කරුවකු හෝ අද්මිනිස්ත්‍රාසිකකරුවකු විසින් ප්‍රතිෂ්ඨාවකින් තොරව මාරු කිරීමේදී හෝ භාරකරු විසින් ප්‍රතිලාභියාට එසේ මාරු කිරීමේදී හෝ වෛවාහක නඩුවකදී උසාවි නියෝගයක් අනුව නිශ්චල දේපලක් පැවරීමක දී හෝ ගෙවිය යුතු මුද්දර ගාස්තුව ** 10.00
ආ. නැසී ගිය භාරකරුවකුගේ පොල්ම:කරු හෝ අද්මිනිස්ත්‍රාසිකකරු හෝ භාරකරුවකු දැනට ජීවත්ව සිටින භාරකරුවකුට හෝ අළුත් භාරකරුවකුට නිශ්චල දේපලක් ප්‍රතිශ්ඨාවකින් තොරව මාරු කිරීමේදී හෝ පැවරීමක දී හෝ ගෙවිය යුතු මුද්දර ගාස්තුව** 10.00

stampdutygazzet ගැසට්
01 644/29- 1991.01.12 - පිරිවැටුම් බද්ද - අනුපාත සහ නිදහස් කිරීම්, මුද්දර ගාස්තු- ආදායම් මුද්දර සහ අනුපාත
02 648/05-1991.02.05-මුද්දර ගාස්තු - බැංකු සහතික
03 670/04-1991-07-01-මුද්දර ගාස්තු - බැංකු සහතිකයේ ආකෘති
04 698/05-1992-01-22-මුද්දර ගාස්තු - අනුපාත
05 704/04-1992.03.03-මුද්දර ගාස්තු - බැංකු සහතිකයේ ආකෘති
06 1478/16-2007-01-04-පිරිවැටුම් බද්ද - අනුපාත, ආදායම් මුද්දර අවලංගු කිරීම
07 1735/24-2011-12-07-මුද්දර ගාස්තු - බැංකු සහතිකයේ ආකෘති

stampdutyvalue වටිනාකම (නිශ්චල දේපල)
01. තෑඟි කරනු ලැබු නිශ්චල දේපලක් නොවන යම් දේපලක් සහ යම් දිනයක් සම්බන්ධයෙන් යෙදී ඇති විට, තක්සේරුකරුගේ මතය අනුව එදිනට විවෘත වෙළඳපොලේදී ඒ දේපලට ලැබිය හැකි මිල ගණන;
02. පැවරුම්කරු විසින් 1977 මාර්තු 31 වන දිනදී හෝ ඊට පෙර අත්කර ගන්නා ලද්දා වු ද පසුව තෑඟි කරනු ලැබුවා වූ ද යම් නිශ්චල දේපලක් සම්බන්ධයෙන් යෙදී ඇති විට -
අ. ඒ දේපල 1977 මාර්තු 31 වන දින ධී විකුණන ලද්දේ නම්, තක්සේරුකරුගේ මතය අනුව ඒ දේපල සඳහා ලැබිය හැකිව තිබුණු මිලට, 1977 මාර්තු 31 වන දිනෙන් පසු සහ ඒ දේපල එසේ තෑඟි කල සාධන පත්‍රයේ දිනට පෙර ඒ දේපලට යම් වැඩි දියුණු කිරීමක්, වෙනස් කිරීමක් හෝ අමුතුවෙන් එකතු කිරීමක් කර තිබුණේ නම්, ඒ සඳහා ගිය වියදම එකතු කිරීමෙන් ලැබෙන මුදල; හෝ
ආ. ඒ දේපල තෑඟි කරන්නට යෙදුණු සාධන පත්‍රයේ දිනයේදී විවෘත වෙළඳපොලේදී ඒ දේපල විකුණන ලද්දේ නම්, තක්සේරුකරුගේ මතය අනුව, ඒ දේපල සඳහා ලැබිය හැකිව තිබුණු මුදල;
යන දෙකින් අඩු මුදල අදහස්වේ,
03. පැවරුම්කරු විසින් 1977 මාර්තු 31 වන දිනෙන් පසු අත්කර ගන්නා ලද්දා වු ද පසුව තෑඟි කරනු ලැබුවා වූ ද යම් නිශ්චල දේපලක් සම්බන්ධයෙන් යෙදී ඇති විට
අ. ඒ දේපල ඒ පැවරුම්කරු විසින් අත්කර ගන්නා ලද දිනයේදී, විවෘත වෙළඳපොලේදී ඒ දේපල විකුණන ලද්දේ නම්, තක්සේරුකරුගේ මතය අනුව ඒ දේපල සඳහා ලැබිය හැකිව තිබුණු මිලට, ඒ දේපල එකී පැවරුම්කරු විසින් අත්කර ගැනීමෙන් පසු සහ ඒ දේපල එසේ තෑඟි කල සාධන පත්‍රයේ දිනට පෙර ඒ දේපලට යම් වැඩි දියුණු කිරීමක්, වෙනස් කිරීමක් හෝ අමුතුවෙන් එකතු කිරීමක් කර තිබුණේ නම්, ඒ සඳහා ගිය වියදම එකතු කිරීමෙන් ලැබෙන මුදල; හෝ
ආ. ඒ දේපල තෑඟි කරන්නට යෙදුණු සාධන පත්‍රයේ දිනයේදී විවෘත වෙළඳපොලේදී ඒ දේපල විකුණන ලද්දේ නම්, තක්සේරුකරුගේ මතය අනුව, ඒ දේපල සඳහා ලැබිය හැකිව තිබුණු මුදල ;
යන දෙකින් අඩු මුදල අදහස්වේ,

stampdutypay ගෙවීම
* සාධන පත්‍රය ලියා අත්සන් කිරීමට පෙර හෝ එම අවස්ථාවේදීම ගෙවිය යුතුය.
* මුද්දර ගාස්තුව නියමිත බැංකුවකට ගෙවීම මඟින් බැංකු සහතිකය ලබා ගත හැක.
* මෙම බැංකු සහතික ඕනෑම ලංකා බැංකු/ මහජන බැංකු ශාඛාවකින් ලබා ගත හැක.
revenue ආදායම
වර්ෂය ඉලක්කය රු. රැස්කල රු.

318
පෞද්ගලිකත්වය අයිතිය අත්හැරීම පිටු පෙළගැස්ම නිතර අසන පැණ පිංතූර ගැලරිය අදහස් හා යෝජනා පිවිසුම