Facebook
මුල් පිටුව අප අමතන්න
දෙපාර්තමේන්තු පුවත්

මුල් පිටුව :: පුවත් සහ සිදුවීම් :: දෙපාර්තමේන්තු පුවත්

දෙපාර්තමේන්තු පුවත්

සමාලෝචන මණ්ඩලය තක්සේරුකරුගේ මතය
taxappealboardසමාලෝචන මණ්ඩලය
පළාත් ආදායම් දෙපාර්තමේන්තුව
දකුණු පළාත් සභාව
පළාත් ආදායම් කොමසාරිස්ගේ තීරණයන්ගෙන් අතෘප්තිමත් තැනැත්තෙකුට ඊට එරෙහිව අභියාචනා කිරීම සඳහා
1990 අංක 07 දරණ මුදල් ප්‍රඥප්තියේ xxv පරිච්ඡේදයේ 80 වැනි වගන්තිය පරිදි
සමාලෝචන මණ්ඩලය පිහිටුවීම
ක්‍රියාත්මක වන දිනය : 2023.07.06
අභියාචනා කළ හැක්කේ කාටද : පළාත් ආදායම් කොමසාරිස් විසින් ලබා දුන් තක්සේරුවක් /මතයක්/ නියමයක් සම්බන්ධව අතෘප්තිමත් තැනැත්තෙකුට
අභියාචනය ඉදිරිපත් කළ යුතු ආකාරය : අභියාචනය කරනු ලබන්නේ කොමසාරිස්වරයාගේ යම් තීරණයකට විරුද්ධවද ඒ තීරණයේ පිටපතක් සමඟ තීරණයට විරුද්ධ වූ හේතු සංක්ෂිප්තව ඇතුළත් වූ පෙත්සමක් මඟින්
කාල සීමාව : පළාත් ආදායම් කොමසාරිස්ගේ තීරණයට අදාළ හේතු සහිත ලියවිල්ල ලද දින සිට දින 30ක් ඇතුළත
කා වෙතද : සමාලෝචන මණ්ඩලයේ ලේකම් වෙත
විමසීම් : ලේකම්,
සමාලෝචන මණ්ඩලය,
පළාත් ආදායම් දෙපාර්තමේන්තුව(දකුණු පළාත),
අංක 30,වක්වැල්ල පාර,
ගාල්ල.
විද්‍යුත් තැපෑල : reviewbsprd@gmail.com
Whatsapp : 0718260325

stampdutycalතක්සේරුකරුගේ මතය
1990 අංක 07 දරන දකුණු පළාතේ මුදල් ප්‍රඥප්තියේ විධිවිධාන පරිදි දකුණු පළාත තුළ පිහිටි නිශ්චල දේපල පැවරීමේ දී එම දේපළෙහි වෙළඳපොල වටිනාකම අනුව මුද්දර ගාස්තු ගෙවිය යුතුය. එහෙත් ලියා අත්සන් කරනු ලබන සාධන පත්‍රවලින් වැඩි සංඛ්‍යාවක දේපළෙහි නිවැරදි වෙළඳ වටිනාකම ප්‍රකාශ නොකර මුද්දර ගාස්තු ගෙවනු ලබන බව නිරීක්‍ෂණය වී ඇත
ඉහත කරුණු සැලකිල්ලට ගෙන මුදල් ප්‍රඥප්තියේ 62 වගන්තියේ විධිවිධාන පරිදි,
01. ලියා අත්සන් කරනු ලැබූ හෝ නොලැබූ,
02. මුද්දර ගාස්තු ගෙවන ලද හෝ නොගෙවන ලද
යම් සාධන පත්‍රයක් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව යම් සාධන පත්‍රයක් සඳහා අය කළ යුතු මුද්දර ගාස්තු පිළිබඳව තක්සේරුකරුගේ මතය ලබාදීම සඳහා 2012-01-01 දින සිට කටයුතු යොදා ඇති බව සතුටින් දන්වමි.
තවද, ඒ අනුව මුද්දර ගාස්තු ගෙවා සාධන පත්‍රයේ දෙවන පිටපත දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව නිසි පරිදි මුද්දර ගාස්තු ගෙවූ සාධන පත්‍රයකි. යනුවෙන් මුද්‍රාංකනය මඟින් සහතික කර දෙනු ලැබේ. එම සාධන පත්‍ර සඳහා දේපළෙහි වෙළඳ වටිනාකම පරීක්‍ෂා කිරීම සඳහා නැවත කැඳවීම් කරනු නොලැබේ.
මේ සඳහා රු. 250/- ක ගාස්තුවක් අය කරනු ලැබේ. පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතුය.
ඉදිරිපත් කළ යුතු ලේඛන
01. ලියා අත්සන් කරනු ලැබූ හෝ එසේ කිරීමට අදහස් කරන සාධන පත්‍රයේ ඡායා පිටපතක්
02. පවරනු ලබන දේපළෙහි මුල් ඔප්පුවේ ඡායා පිටපතක්
03. දේපළෙහි මිනින්දෝරු සැලැස්මේ ඡායා පිටපතක්
04. ගොඩනැගිලි සැලැස්මේ ඡායා පිටපතක් (ඇත්නම්)
05. අයදුම්පත්‍රය

181
පෞද්ගලිකත්වය අයිතිය අත්හැරීම පිටු පෙළගැස්ම නිතර අසන පැණ පිංතූර ගැලරිය අදහස් හා යෝජනා පිවිසුම