Facebook
මුල් පිටුව අප අමතන්න
නිතර අසන පැන

මුල් පිටුව :: නිතර අසන පැණ

නිතර අසන පැන

මධ්‍යම රජයේ ආදායම් රැස්කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර, පළාත් සභාවේ ආදායම් රැස්කිරීම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබේ

*. යම් ඛණිජ ද්‍රව්‍යක් දකුණු පළාත තුළ නිෂ්පාදනයේදී එහි දල වටිනාකම මත 0.5% යන ප්‍රතිශත යටතේ ත්‍රෛයිමාසිකව රැස්කරනු ලැබේ
*. ව්‍යාපාර සමීක්ෂණය කිරීමෙන් හා බදු ලිපිගොනු විගණනය කිරිමෙන් බදු ගෙවන්නා විසින් ප්‍රකාශ නොකළ දල පිරිවැටුම සඳහා අතිරේක බදු හා දණ්ඩන නියම කරනු ලැබේ.
*. නියමිත දිනයේදී නොගෙවා ඇති ඛණිජ බද්ද සඳහා 10%ක දණ්ඩනයකි. ඉන්පසුව එළඹෙන සෑම මාසයකටම 2% බැඟින් දණ්ඩන එකතු වේ. (උපරිමය බද්දෙන් 50%කි.)
*. යම් ඖෂධයක් හෝ රසායන ද්‍රව්‍යක් දකුණු පළාත තුළ විකිණීමේදී, ව්‍යාපාර පරිශ්‍රෙය් වාර්ෂික වටිනාකම මත 50% යන ප්‍රතිශතයක් යටතේ වාර්ෂිකව රැස්කරනු ලැබේ.
*. ව්‍යාපාර සමීක්ෂණය කිරීමෙන් හා බදු ලිපිගොනු විගණනය කිරිමෙන් බදු ගෙවන්නා විසින් ප්‍රකාශ නොකළ වාර්ෂික වටිනාකම සඳහා අතිරේක බදු හා දණ්ඩන නියම කරනු ලැබේ.
*. නියමිත දිනයේදී නොගෙවා ඇති ඖෂධ සහ රසායන බද්ද සඳහා 10%ක දණ්ඩනයකි. ඉන්පසුව එළඹෙන සෑම මාසයකටම 2% බැඟින් දණ්ඩන එකතු වේ. (උපරිමය බද්දෙන් 50%කි.)
*. දකුණු පළාත තුළ නිශ්චල දේපල පැවරීමේදී පිළියෙල කරනු ලබන සාධන පත්‍රයක් සම්බන්ධයෙන්ම එකී සාධන පත්‍රය ලියා සහතික කරන ලද දිනට එම දේපලේ විවෘත වෙළඳපල වටිනාකම මත මුද්දර ගාස්තු අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව විකුණුම්කර සඳහා වෙළඳපල වටිනාකමේ පළමු රු:ලක්ෂය දක්වා 3%ක් හා ඉතිරි වටිනාකමට 4% බැඟින් වටිනාකමකින් යුතු මුද්දර ගාස්තුවක් අයකරනු ලැබේ. තෑගි ඔප්පු සඳහා වෙළඳපල වටිනාකමේ පළමු රු:50,000/=ට 3%ක් හා ඉතිරි වටිනාකමට 2%ක වටිනාකමකින් යුත් මුද්දර ගාස්තුවක් අයකරනු ලැබේ.
*. අතිරේක මුද්දර ගාස්තු පැනවීමේදී නියම මුද්දර ගාස්තුවේ මුදල මෙන් තුන් ගුණයක් නොඉක්මවන දණ්ඩනයක්ද සමඟ නියම මුද්දර ගාස්තුව හෝ ගාස්තුව සම්පූර්ණ කිරීමට අවශ්‍ය ප්‍රමාණය ගෙවන ලෙස නියම කළ හැකිවේ.
197
පෞද්ගලිකත්වය අයිතිය අත්හැරීම පිටු පෙළගැස්ම නිතර අසන පැණ පිංතූර ගැලරිය අදහස් හා යෝජනා පිවිසුම